Friday, October 24, 2008
ජාතික ආගමික පුනර්ජීවනයේ නියමුවාණන් වූ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ
අනගාරික ධර්මපාලතුමාට “සිංහල ජාතිය” තරම් පැරණි ශිෂ්ට සම්පන්න ජාතියක්, “බුදුදහම” තරම් ශ්‍රේෂ්ඨ සත්‍ය ආගමක් ලොව කිසිදු තැනක නො වී ය. මුළු ලෝකයෙන් ම ශ්‍රී ලංකාව තරම් අගනා මනරම් උතුම් දිවයිනක් එතුමාගේ මනසේ විද්‍යාමාන නො වී ය. නිර්භීතකමේ ප‍්‍රතිමූර්තියක් බඳු ධර්මපාල තුමා, තමන් ගිය සෑම රටකදී ම දේශනා කළේ බුදුදහම පිළිබඳ ව ම පමණක් වි ය. බුද්ධගයා ශුද්ධ භූමිය බෞද්ධයනට උරුම කළ ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 144 වැනි ඡන්ම සමරුව මෙම සැප්තැම්බර් (17)දිනට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
Thursday, October 16, 2008
අහාර සුරක්ෂිතතාව දේශගුණ විපර්යාස හා ජෛව ශක්තීන්ගේ අභියෝග
දෙමළ අයෙකුට සිංහලෙන් ලිපියක්...
| |
දෙමළ අයෙකුට සිංහලෙන් ලිපියක් යැව්වොත් වහා ම - අමාත්‍ය ඩිව් ගුණසේකර |
Monday, October 6, 2008
මරාගෙන මැරෙන පිපිරීමක්
Sunday, October 5, 2008
Friday, October 3, 2008
ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ
ශ්‍රී ලංකා ගිරා මලිත්තා
Sri Lanka Lorikeet Coucal (Loriculus berullinus)
Class - Aves
Order - Psittaciformes
Family - Psittacidae
Genus - Loriculus
Order - Psittaciformes
Family - Psittacidae
Genus - Loriculus
ගිරා මලිත්තා ඇතැම් විට පොල් ගිරවා යන නමින් ද හැඳින්වේ. අප රටේ ජීවත් වන ගිරවුන් අයත් වන කුලය වන සිටැසිඩේ කුලයට අයත් ගිරවුන් අතරින් දේහ ප්‍රමාණයෙන් කුඩාම සාමාජිකයා මෙම ගිරා මලිත්තාය. ඉතාම සුලභ පක්ෂි වර්ගයක් වන මොවුන් අප රටේ සියළුම භූ ගෝල කලාපවල දැකිය හැකිය.
ගිරා මලිත්තා දිවා කාලයේදී ඉතාමත් කාර්ය ශූර ලෙස හැසිරෙන කඩිසර පක්ෂියෙකි. තුරුලතා මතම සැරි සරන මෙම පක්ෂියා කිසි විටෙකත් බිම් ස්තරයට නොපැමිණෙයි. ඔවුන්ගේ සිරුර දිගින් සෙන්ටි මීටර් 14ක් පමණ වේ. එනම් ගේ කුරුල්ලෙකුගේ ප්‍රමාණයයි. බාහිර ස්වරූපයෙන් පිරිමි සතුන් ගැහැණු සතුන්ගෙන් වෙන්කර හඳුනා ගැනීම අපහසුය. නමුත් ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා මදක් ලා පැහැයෙන් යුක්ත වේ. ගිරා මලිත්තාගේ නලල රෝස පැහැ වන අතර හිස මුදුණ සහ පිටුපස දීප්තිමත් රතු පැහැතිය. පියාපත් සහ උදරය ප්‍රදේශය කොල පැහැ ගනී. පෙඳය මතුපිට දීප්තිමත් රතු පැහැති වන අතර අග කෙළවර කොල පැහැති වේ. හොටය ලා කහ පැහැයට හුරු රෝස පැහැතිය.
මෙම පක්ෂීන් ආහාර ලෙස යුෂ සහිත පළතුරු කෑමට සහ මල්පැණි බීමට දැඩි කැමැත්තක් දක්වයි. විශේෂයෙන් ඉදුණු පේර කෑමටත් කිතුල්, පොල් වැනි තාල වර්ගයට අයත් ශාබ වල මල් පැණි බීමටත් ඔවුන් දක්වන්නේ මහත් අභිරුචියකි. ඊට අමතරව ශාබ වල ඇට වර්ග ද ආහාරයට ගනී.
ගිරා මලිත්තන් මීටර් 1200ක් දක්වා වූ කඳුකර ප්‍රදේශවල වාසය කරන අතර ඇතැම් විට ඊට උස් ප්‍රදේශවල ද ජීවත් වේ. පහත රට තෙත් කලාපයේ ද වියළි කලාපයේ නැගෙනහිර පළාතේ දකුණු ප්‍රදේශයේ ද ප්‍රධාන වශයෙන් සිංහරාජ වනාන්තරය. කිතුල්ගල රක්ෂිත වනය, උඩවත්ත කැලය, ලබුගම රක්ෂිතය, කන්නෙලිය, නිරිතදිග වෙරළාසන්න ප්‍රදේශ, මෙම පක්ෂීන් බහුලව ව්‍යාප්ත වී සිටින ප්‍රදේශ ලෙස දැක්විය හැකිය.
ජනවාරි සිට මැයි දක්වා වූ කාලයත්, ජූලි සිට සැප්තැම්බර් දක්වා වූ කාලයත් ලෙස වසරකට අභිජනන සමයන් දෙකක් මෙම පොල් ගිරවුන්ට ඇත. බොහෝ විට පුවක් ගසක් වැනි උස් ගස් බෙනයක කැදැල්ල සාදයි. එය පිහිටන්නේ ඇතුළු වන විවරයේ සිට මීටර් එකක් පමණ පහළට වන්නටය. කැදැල්ල තැනීමට සහ බිත්තර රැකීමට මහන්සි වන්නේ කිරිල්ලියයි. ඇය වරකට බිත්තර දෙකක් හෝ තුනක් දමන අතර ප්‍රමාණයෙන් මිලි ලීටර් 19.3 x 16 ක් පමණ වේ. බිත්තර ගෝලාකාර වන අතර සුදු පැහැ ගනී.
Subscribe to:
Posts (Atom)