Tuesday, May 6, 2008

අතුරුදන්වූවන් ගැන තොරතුරු සඳහා දුරකථන සේවයක්

අතුරුදන්වූවන් සහ පැහැරගනු ලැබූ පුද්ගලයන් මෙන්ම පොලීසිය සහ රජයේ වෙනත් ආයතන මඟින් අත්අඩංගුවට ගනු ලැබූවන් සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා ක්ෂණික දුරකථන මාර්ගයක් ස්ථාපිත කිරීමට ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විතය. අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ඉල්ලීම් පරිදි මෙම දුරකථන මාර්ගය විවෘත කර තිබේ.

එම දුරකථන අංක මෙසේය. 011-2676513, 060-2119246

Sunday, May 4, 2008

තරුණ කොටස් අතර සත්ත්ව පාලනය ප්‍රචලිත කෙරේ

ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයං පෝෂිත කිරීමේ අරමුණින් පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තරුණ තරුණියන් අතර සත්ත්ව පාලන කටයුතු ප්‍රචලිත කිරීම සඳහා ප්‍රමුබත්වයක් ලබා දී තිබේ.

ස්වයං රැකියාවක් වශයෙන් හෝ සාමූහික ව්‍යාපාර වශයෙන් හෝ සත්ත්ව පාලන කටයුතුවල නියැලීමට උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් පුහුණු පාඨමාලා පැවැත්වීමට පශු සම්පත් අමාත්‍යාංශයට අනුබද්ධ සත්ත්ව නිෂ්පාදන හා සෞබ්‍ය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.