Monday, December 8, 2008

MICE- ශ්‍රී ලංකාවට මුදල් ගෙනෙන ඔබ නො දුටු උල්පතක්

ශ්‍රී ලංකාවෙි ආර්ථික ගමන් මගේ ප්‍රගතියට උරදෙන ප්‍රබල හස්තයක් ලෙස සංචාරක කර්මාන්තය සැලකිය යුතු මෙහෙවරක යෙදේ. එහෙත් සංචාරක කර්මාන්තයෙහි වර්ධනයට හා එහි ඉදිරි ගමනට පන්නරයක් දෙන ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය පිළිබඳ දැනුවත් වී ඇත්තේ සුළු පිරිසකි.
ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය සංචාරක කර්මාන්තයට පමණක් නො ව මුළු රටට ම වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.


සංචාරක කර්මාන්තය තුළ ශ්‍රී ලංකාවෙි MICE කර්මාන්තය හසුරුවන ප්‍රධාන ආයතනය වන්නේ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශයයි.

එනම්:
ජාත්‍යන්තර වශයෙන් පවත්වන සාකච්ඡා (Meetings)

වරප්‍රසාදිත චාරිකා (Incentive Travels)

සමුළු (Conferences)සහ

ප්‍රදර්ශන (Exhibition)

යන සිව්වැදෑරුම් කාර්යයන් තුළ මෙහෙයුම්කරු වන්නේ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය යි.


මේවා රාජ්‍ය මට්ටමින් හා රාජ්‍ය නො වන මට්ටමින් පවතී. ලෝකයේ බොහෝ රටවල මෙවැනි සම්මුති කාර්යාංශ ඉතා දියුණු මට්ටමින් පවත්වා ගෙන යනු ලබයි. ඕස්ට්‍රේලියාව මැලේසියාව හොංකොං තායිලන්තය සිංගප්පූරුව වැනි රටවල් ඉන් ප්‍රමුබ වෙ යි. එම රටවල ශීඝ්‍ර දියුණුවට MICE කර්මාන්තය ප්‍රබල ව ම බලපා ඇති බව කිව හැකි ය.

No comments: