Tuesday, May 6, 2008

අතුරුදන්වූවන් ගැන තොරතුරු සඳහා දුරකථන සේවයක්

අතුරුදන්වූවන් සහ පැහැරගනු ලැබූ පුද්ගලයන් මෙන්ම පොලීසිය සහ රජයේ වෙනත් ආයතන මඟින් අත්අඩංගුවට ගනු ලැබූවන් සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා ක්ෂණික දුරකථන මාර්ගයක් ස්ථාපිත කිරීමට ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විතය. අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ඉල්ලීම් පරිදි මෙම දුරකථන මාර්ගය විවෘත කර තිබේ.

එම දුරකථන අංක මෙසේය. 011-2676513, 060-2119246

No comments: